මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මාස තුනක කාලයක් සඳහා වැඩ බලන පොලිස්පති ලෙස පත්කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ප්‍රතිපාදන අනුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආවරණ අනුමැතියට යටත්වන ජුලි මස 09 දා සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙසේ ඔහුව පත්කර තිබේ.
සී.ඩී. වික්‍රමරත්න මහතා මීට පෙරද මාස තුනක සේවා දිගුවක් යටතේ කටයුතු කළ අතර එම කාලය පසුගිය 25 දා අවසන් විය. නව පොලිස්පතිවරයෙක් පත්කිරීමට නියමිතව තිබුණේ පසුගිය 26දාය. කෙසේ වෙතත් මේ දක්වා නව පොලිස්පතිවරයෙක් පත්කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ.