මාස 6ක් තිස්සේ දුරකථන ඇමතුම්වලට ප්රථිචාර නොදැක්වීම හේතුවෙන් සිය පියාට කුමක් සිදුවීදැයි සොයා බැලීමට ඉතාලියේ සිට පැමිණි පුතුට දැක ගත හැකිවූයේ ඇස් අදහාගත නොහැකි සිදුවීමකි. කළුතර නාගොඩ භික්ෂු නිකේතන පාරේ සිය 70 හැවිරිදි පියා තනිවම නිවසේ ජීවත් වූවෙක් බව පවසයි.
කලකට පෙර මෙම නිවසේ ජීවත්වූ මවද මියගොස් ඇත. ලංකාවේ සිටි පියාගේ දුක සැප විමසමින් ඉතාලියේ සිටි ඔහුගේ පුතු ජීවත්ව ඇත්තේ බිරිඳ හා දරුවන් සමගිනි. මාස 6ක් තිස්සේ පියාට දෙන දුරකථන ඇමතුම් වලට ප්රතිචාර ලැබී නැත. අසල්වාසීනගෙන්ද ඔහු ඉතාලියේ සිට දුරකථන ඇමතුම් දෙමින් විමසූවිට ඔවුන් පවසා ඇත්තේ නිවස දොරගුළු දමා ඇති බවත්ය.
මේ හේතුවෙන් සිදුව ඇත්තේ කුමක් දැයි සොයා බැලීමට පුතා පසුගිය 19 දින ලංකාවට පැමිණ නිවසට ගොස් ඇත. නිවසේ ාරගුළුලා ඇති බැවින් දොරගුළු කඩා පරීක්ෂා කිරීමේදී මස් දියවී ගිය ඇටකටු පමණක් ඇති සිරුරක් පුතාට දැන ගන්නට හැකිවිය. මේ සම්බන්දයෙන් පොලිීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මූලික විමර්ශන වලින් පසු ඇටසැකිල්ලක් බවට පත්ව තිබූ සිරුර නාගොඩ රෝහලට ගෙනගොස් ඇත. මිය ගොස් ඇත්තේ සිය පියාමද යන්න තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කරීමට නිමිත බව තෙරතුරු වාර්ථාවෙයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය