හෝමාගම මහ රෝහලේන් ලැබුණු ඉල්ලිමකට අනුව කෝවිඩ් 19 ඉවට සැක කෙරෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා රෝහලේ අංක 1 වාට්ටුව ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් සුදුසු පරිදි වෙනස් කිරිම සිදු කරන ලදි.
ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්යක්ෂකයේ අධික්ෂණය යටතේ එක් නිධාරියෙක් සහ සෙසු නිලයන් 10 දෙනෙකු විසින් දින 3ක් වැනි කෙටි කාලයක් තුළ වැඩ අවසන් කරන ලදි.
මෙම ව්‍යාපෘතිය සදහා හෝමාගම ප්‍රදේශයේ පරිත්‍යාගශිලින් විසින් අරමුදල් සපයනු ලැබු අතර ගුවන් හමුදාව විසින් අවශ්‍ය ඉංජිනේරු විශේෂඥ දැනුම සහ පිරිස් බලය යෙදවිම තුළින් ඉතා කෙටි කාලයක් තුළ වැඩ නිම කිරිමට හැකියාව ලැබිණි.