දැනට ගුරු සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරී න් ගුරුවරුන් වශයෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා මෙසේ දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරීන් පිරිසක් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
දෙපාර්ශවය අතර ඇතිකරගත් සමථයක් අනුව නීතිපතිවරයා විසින් මෙම දැනුම්දිම සිදුකෙරිණි.
මෙම පෙත්සම ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන්වන දිලිප් නවාස් ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
වසර ගණනාවක් ගුරු සේවයේ සිටි තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය නොකිරීමෙන් තම මූලික අයිතිවාසියක් කඩවන ලදැයි සඳහන් කර මින් සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගුත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මේ පෙත්ස ම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් දැනට ගුරු සේවයේ නියුතු හත් දහකට අධික සංවර්ධන නිලධාරීන් පිරිස ක් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු ේවයට අන්තර්ග්‍රහණය කිරීමට තීරණය කර ඇතැයි කීය.
මෙම තීරණය ගෙන ඇත්තේ දෙපාර්ශවය විසින් ඇතිකරගත් සමථ කොන්දේසි අනුව බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
පෙත්සම්කරු පෙනී සිටි න නීතිඥනුවන් බෝපගේ මහතා කරුණු දක්වමින් නිතිපතිවරයාගේ ස්ථාවරය අනුව ඉදිරි කාලයේදී තම සේවා දායකයන් ේවයට අන්තර්ග්‍රහණය කිරීම් කළ පසු පෙත්සම ඉල්ලා අස්කිරි ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි කීය.
තමන් විභාගයක් පවත්වා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට තීරණය කිරීම වැරදි සහගත බවත් වසර ගණනාවක් ගුරු සේවයේ සිටි උපාධිධාරීන්වනතමන් ිහාගයකින් තොරව අන්තර්ග්‍රහණය කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ل ගුරු සේවයේ නියුතු සංවර්ධනලධාරීන් පිරිසක් මෙය පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
පෙත්
න්සම්කරුවන් වෙනුවෙන් රම්සි බාචා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ නුවන් බොපගෙ මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යා විරාන් දයාරත්න මහතා පෙනී සිටියේය.