උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (03)දා අරලියගහ මන්දිරයේ දී සංකේතාත්මකව එක්වී තිබුණා. එහිදී අදහස් දැක්වූ ජනාධීපතිවරයා
“අද ගුරුවරුන් 2320ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. තව 700කට පත්වීම් ලබාදීමට තිබෙනවා. පුරප්පාඩු අනුව තවත් ගුරුවරුන් 1000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ගුරු වෘත්තීයට 4000ක් පමණ බඳවාගෙන තිබෙනවා. වසර තුන හතරකින් පසුව තමයි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට හැකියාව ලැබුණේ. කොවිඩ් වසංගතය වගේම ආර්ථික කඩා වැටීම හමුවේ මේ සියලු බඳවා ගැනීම් නැවතී තිබුණා.”
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, අරවින්ද කුමාර් යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය