රන්මාලක් යැයි සිතා හිගුරුකඩුව කොටමුදුන පාලම අසදී ගුරුවරියකගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙළබැදි රුපියල් 500ක් පමණ වටිනා ඉමිටේශන් මාළයක් කොල්ලකා පලාගිය තරුණයකු අත්අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌවපැල්වත්ත 6 කනුව ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයකු යැයි පොලිසිය කීය .
හිගුරුකඩුව කොටමුදුන ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි පස්සර නගරයේ පාසලක සේවය කරන මෙම ගුරුවරිය පාසල නිමවී සවස පස්සර වැල්ලවාය බස් රථයකින් හිගුරුකඩුව කොටමුදුනට පැමිණ අතුරුමාර්ගයක් ඔස්සේ පාගමනින් නිවස කරා යමින් සිටියදී එම බස් රථයේම පැමිණි සැකකරු ගුරුවරිය පසුකර ඉදිරියට ගොස් මුවආවරනයක් පැලද ගුරුවරිය ඉදිරියට යලි පැමිණ පාලම අසල පාලු ස්ථානයකදී එක්වරම ගුරුවරියගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙලබැදි මාලය.රන්මාළයක් යැයි සිතා කොල්ලකා පළාගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .
මේ සමගම ගුරුවරිය කෑගසා ඇති අතර එවිට අසල්වාසීන් පැමිණ පලාගිය සැකකරු සොයා ඇති බවත් , පසුව සැකකරු කොටමුදුන ප්රදේශයේ ලදු කැළෑවක සැගවී සිටියදී කොල්ලකන ලද ගුරුවරියගේ රුපියල් 500ක් පමණ වටිනා ඉමිටේශන් මාලය සමඟ සැකකරු ගම්වාසීන් විසින් අල්ලාගෙන පොලිසියට බාර දුන් බවද පොලිසිය පැවසීය .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර සහකාර පොලිස් අධිකාරි දිලිප් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත හිගුරුකඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සෙනරත් බංඩාර මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්රසාද් රුක්මාල්