හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස 2024 ජනවාරි 01වැනිදා සිට ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා සුරාබදු බලපත්‍ර 361ක් ලබා දී ඇති අතර, ඒ අතර එෆ්.එල්.4 (වයින් ස්ටෝස්) බලපත්‍ර 172ක් ද පවතින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද (04දා) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“2024 ජනවාරි 01වැනිදා සිට කාලය තුළදී බස්නාහිර පළාත තුළ මුළු බලපත්‍ර සංඛ්‍යාව 110ක්, දකුණු පළාත තුළ 48ක්, උතුරු පළාතේ 32ක්, නැගෙනහිර පළාතේ 22ක්, මධ්‍යම පළාතේ 45ක්, උතුරු මැද පළාතේ 14ක් , වයඹ පළාතේ 30ක්, ඌව පළාතේ 30ක්, සබරගමුව පළාතේ 30ක් යනාදී වශයෙන් සමස්ත සුරාබදු බලපත්‍ර 361ක් මෙම කාලය තුළදී ලබා දී තිබෙනවා.
මේවගෙන් විශේෂයෙන්ම සිල්ලර සාමාන්‍යයෙන් අපි කියනවා වයින් ස්ටෝස් කියන එකට අයිති වන්නේ එෆ්.එල්.4 කියන බලපත්‍ර. එවැනි බලපත්‍ර මෙම කාලය තුළදී 172ක් ලබා දී තිබෙනවා. ඒ අනුව කොළඹ 22ක්, ගම්පහ 18ක්, කළුතර 08ක්, ගාල්ල 09ක්. මාතර 05ක්, හම්බන්තොට 05ක්, යාපනය 05ක්, කිලිනොච්චි 16ක්, වවුනියාව 02ක්, මන්නාරම 02ක්, ත්‍රිකුණාමලය 04ක්, මඩකලපුව 01ක්, අම්පාර 05ක්, මහනුවර 11ක්, මාතලේ 06ක්, නුවරඑළිය 08ක්, අනුරාධපුර 04ක්,
පොළොන්නරුව 03ක්, පුත්තලම 06ක්, කුරුණෑගල 08ක්, බදුල්ල 09ක්, මොනරාගල 07ක්, රත්නපුර 06ක්, කෑගල්ල 02ක් ලෙස එෆ්.එල්.4 බලපත්‍ර 172ක් ලබා දී තිබෙනවා. මුලතිව් දීලා නෑ. මේ බලපත්‍රවලින් තමයි මන්ත්‍රීවරුන්ගේ නමුත් වෙනස් වුණේ බාර්තුමා කියලා. මේවා දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කරන්න පාවිච්චි කළා කියන එකත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කියන එක ප්‍රකාශ කරන්න කැමතියි.”
සුරාබදු බලපත්‍ර ලාභීන්ගේ නාමලේඛනය















































