ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව වාර්තා වෙයි.
මෙම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙසේ ආපසු රජයට භාර දිය යුතු වෙයි.
ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වන දිනට පෙර භාර දෙන ලෙස සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණි.
ආරක්ෂක අමාත්‍යංශය විසින් මේ වනවිට ගිනිඅවි බලපත්‍ර 1650ක් පමණ විවිධ හේතුන් මත නිකුත් කර ඇති බව සඳහන් වේ.