ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමි විය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවේ පළමු ස්ථානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දී තිබුණි. එහි දෙවැනි තැන සිටින්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහලේකම්වරිය වූ ශර්මිලා පෙරේරා මහත්මියයි.
කෙසේ වෙතත් මේ වනතුරුත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට පත් කරන අය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.