ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මෙට්රික් ටොන් 100,000ක් ලබා ගැනීම සඳහා අද (30දා) ගිවිසුමකට අත්සන් කර තිබේ.
එම ගෑස් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්රෝ සමාගම විසින් ලබා දීමට නියමිතය.
රටට මාස හතරක් සැපයීම සඳහා මෙම ගෑස් තොගය ප්රමාණවත් වේ.