කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් ඇතුලත් කිරිම සඳහා ස්ථාපිත කොට ඇති වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය සිව්දරුපියා මිය යාමෙන් පසු කොරෝනා සම්බන්ධයෙන් පරික්ෂණ දෙකක් පැවැත්වූ බවත් එම පරික්ෂණ දෙකෙදිම ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බවත් කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු. සී. පී පෙරේරා මහතා පවසයි.
ඔහු මියගිය පසු වාට්ටුවේ දී ඔහුගේ සෙම් හා කේඨ පටල ලබාගෙන කොරෝනා සම්බන්දයෙන් පරික්ෂණයක් පැවත් වූ බවත් එම පරික්ෂණයේ දී ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
කොරියාවේ සිට පැමිණි මෙම සිව්දරුපියගේ පුත්‍රයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පරික්ෂණවලදි තහවුරු විය. ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්වු අයෙකි. පියා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි පියා බැලිමට අදාළ පුතා රෝහලට පැමිණ තිබේ.
ඒ නිසා පියා මිය යාමට පෙරද කොරෝනා සම්බන්දයෙන් පරික්ෂණයක් සිදුකළ අතර එම පරික්ෂණයේ ද ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවිය.