ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා අද (06දා) සහ හෙට (07දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව ශ්‍රී ලංකා ග්‍රාමනිලධාරී සංගමය සඳහන් කරයි.
සේවා ව්‍යස්ථාව අනුමත කරන ලෙස ඉල්ලා හා කාර්යාල දීමනා, ප්‍රවාහන දීමනා, නිලඇඳුම් දීමනා ඉහළ දමන ලෙසට හා ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා වාර්ෂිකව ලබා දෙන දීමනා ඉහළ දමන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවද එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේය.
කාර්යාල දීමනා හා ලිපි ද්‍රව්‍ය දීමනා ඉහළ දැමීමට පසුගිය කාලයේදී කටයුතු කළත් එම මුදල වර්තමානයට ප්‍රමාණවත් නොවන බවත් සේවා ව්‍යවස්ථාව සකස් කර තිබුණත් එය අනුමත කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවද පැවසීය.
මේ අනුව අදාළ ඉල්ලීම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම දින දෙක තුළ නිලධාරීන් සේවයෙන් ඉවත් වන බවත් මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සංගම් රැසක් සම්බන්ධ වන බවත් මෙම ක්රියාමාර්ගවලටත් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් දෙවන ක්‍රියාමාර්ගය සති තුනකට පසු සිදුකරන බවද සඳහන්කළේය.