ADA
www.ada.lk
2025 ජනවාරි මස 19 වන ඉරිදා
දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මෙම මාතාව නිලුෂා සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව සතුටින් පවසන්නීය.
ඇයගේ සැමියා ප්‍රදීප් සම්පත් අබේකෝන් (35) මහතායි. යුද හමුදාවේ සේවය නියුතුව සිටියදී සිදු වූ වෙඩි වැදීමකින් ආබාධිත තත්ත්වයට පත්වීම නිසා ඔහු මේ වනවිට යුද හමුදාව අතහැර ගොස් සිටියි. මෙම දෙපළට මේ වන විට දරුවෝ පස් දෙනෙක් සිටිති. වැඩිමහල් දියණිය නෙත්මි කෞෂ්යලා වන අතර ඇය මේ වන විට 12 හැවිරිදි වියේ පසුවෙයි, සවනි අප්සරා (11), විහඟ ජීවන්ත (06) ඉමේෂා මදුමාලි (3 ½), සසිඳු සම්පත් 2 (1/2), මොවුන්ගෙන් තිදෙනකු පාසල් වයසේ පසුවන අතර එක් දරුවෙකු පෙරපාසල් වියේ පසුවෙයි. අනිත් දරුවා තවමත් මවගේ උණුසුම ලබමින් සිටියි.
කුලී වැඩයෙහි යෙදීමට අමතරව ගම්මානයේ පොල් ගස්වලට නැග පොල් කඩා ලබා ගන්නා මුදලින් තමන් වේලක් හැර වේලක් තම දරුවන්ගේ කුස පිරවීම සිදු කරන බව සඳමාලි මහත්මිය පැවසුවාය. ආබාධිතව සිටින තම සැමියාට නිසියාකාර වැඩක් කර ගැනීමට නොහැකි නිසා ඔහු අවට පදිංචිකරුවන්ගේ සහාය ඇතිව දඹුලු ඔයේ වැලි ගොඩදැමීමට යන බව ඇය පැවසුවාය. එහෙත් මේ දිනවල යුද හමුදාවෙන් පලා ආ චෝදනාව යටතේ තම සැමියා යුද හමුදා භාරයට ගෙන රැගෙන ගොස් ඇති නිසා තමන්ට මේ දිනවල දරුවන් රැකබලා ගැනීමත් කුලී වැඩ කිරීමත් සියල්ල පැවරී ඇති බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය. කටුමැටි ගැසූ කුඩා නිවසක කුප්පි ලාම්පු එළියෙන් මෙම දරුවන් සමග වේලක් හැර වේලක් ආහාර ගෙන සිටින තම දරුවන් පෝෂණය කිරීමට, අධ්‍යාපනය කටයුතුවලට හා ඔවුන්ට ආරක්ෂිත වාසස්ථානයක් ලබා දීමට යම් පරිත්‍යාගශීලියෙකු හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් එය මහත් පින්කමක් බව ඇය පවසා සිටියාය.
තම දරුවන්ගේ අවශ්‍යතා ඉටු කර දිය හැකි නම් තමාට තවත් දරුවන් දායාද කිරීමට ශක්තිය ඇති බව ඇය සතුටින් සඳහන් කළේ මවු සෙනෙහස උතුරා යන දයාවෙනි. මෙම මවට උපකාරයක් ලබා දිය හැකි අයෙකුට ආර් .එම් .නිලුෂා සඳමාලි, දඹුලු හල්මිල්ලෑව, හබරත්තාවල දඹුල්ල යන ලිපිනයෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු
thilina Tuesday, 14 May 2019 06:04 PM
චාන්
Reply : 0 0
අජිත් Tuesday, 14 May 2019 07:14 PM
කරුණාකර බැංකු ගිනුමක විස්තර පලකරන්න. ලංකාවෙන් පිටත සිටින ලාංකිකයන්ට උදව් කරන්න පුළුවන් එතකොට තමය්. විදේශ ගතව සිටින බොහෝ දෙනෙක් උදව් කරාවි මෙවැනි අසරණ මවකට.
Reply : 0 1
Kaveen Tuesday, 14 May 2019 07:28 PM
අපිට ඔයාලට කතාකරන්න ඕන පුලුවන්න්නම් ෆෝන් නම්බෙර් එකක් දෙන්න
dilal Tuesday, 14 May 2019 10:01 PM
මටනම් පෙනෙන්නේ පොල් කැඩීම හොඳ අදායමක් උපායගත හැකි රැකියාවක් .අපේ වත්තේ පොල්ගස් 12ක් තිබෙනවා.මෙහෙ පොල් කඩන එක්කෙනාට පැය දෙකක් යන්නෙත් නැහැ ගස් 12හෙ පොල් කඩන්න.ගහකට රු.150 ගණනේ ගස් 12ta රු.1800ක් ගන්නවා.
Reply : 4 1
ඉලේපෙරුම Tuesday, 14 May 2019 10:25 PM
පිරිමින්ගේ රස්සාවක් වූ පොල් කැඩීමට මේ කාන්තාව ධෛර්ය සම්පන්නව එක්වීම අගය කළ යුතුයි. පොල් කැඩීම හොඳ ආදායම් තියන රස්සාවක්. අපේ ගම් පළාත්වල එක් ගසක පොල් කඩන්න රු. 150ක් ගන්නවා. දිනකට ගස් 20ක් කැඩුවවොත් රු. 3000ක් අතේ. මසකට දින 20ක් වැඩ කළොත් රු. 60,000ක් ලැබෙනවා. පොල් කඩන අයගේ උග්‍ර හිඟයකුත් තියනවා. උපාධි ගුරුවරයෙක් ලෙස මට දවසක වැටුප ලෙස රු. 1200ක් වත් ලැබෙන්නේ නෑ.අපේ ගම්වල පොල් කඩන පිරිමි අයගේ ආදායමෙන් වැඩි කොටසක් කසිප්පු හා සිගරට්වලට වැයවෙනවා.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd