මාතලේ මහ නගර සභාවට අයත්ගලි බවුසර් සේවා පිටස්තර පුද්ගලයන්ට කුලියට ලබා දීමේදී එහි කුවිතාන්සි වංචනික ලෙස වෙනස් කොට රුපියල් තුන්ලක්ෂ හැටපන්දහස් එකසිය විසිපහක (3,65125) මුදලක් නගරසභා ආදායමට බැර නොකර ඇති බව විගණන විමසුමක දී අනාවරණය වී තිබේ .
මාතලේ මහ නගර සභාව මගින් 2022 ඔක්තෝම්බර් මස සිට 2023 ජුනි මාසය දක්වා ගලි බවුසර කුලියට දීම සම්බන්ධව විගණන පරීක්ෂාවේදී මෙම තොරතුරු හෙළිව තිබේ .
නගර සභාව මගින් වෙනත් සේවාවන්ට මුදල් ලබාගැනීමේ දී නිකුත් කළ කුවිතාන්සි අංක වංචනික ලෙස සටහන් කර ගලි සේවා 57ක් වෙනුවෙන් අය කළ මුදල් මෙලෙස නගර සභා ගිණුමට බැර වී නොමැති බවඑම විගණනයේ දී අනාවරණය වී තිබේ .
ගලි සේවා ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ පුද්ගලයන්අදාල සේවාව ලබාගත් බවට අත්සන් යොදා තිබීමත් ගලි බවුසර් පිටතට ගිය බවට ගේට්ටු අවසර පත්‍රද නගර සභා ගිණුමට අය වී නොමැති බවද අනාවරණය වී තිබේ .
ගලි සේවා ලබා දීමේදී නගරසභා සීමාව සහ ඉන් පිටත වශයෙන්ද නිවාස සහ ව්‍යාපාරික වශයෙන්ද විවිධ අයකිරීම් යටතේ එම සේවා ලබා දුන්නත් එය නිසි අධීක්ෂණ නිලධාරියෙකු යටතේ අධීක්ෂණයට ලක් වී නොමැති බවද අනාවරණය වී තිබේ .
මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විගණන අධිකාරිවරයා මාතලේ නාගරික කොමසාරිස්වරයාගෙන් කරුණු විමසා තිබෙන අතර එහි පිටපත් මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට සහ මාතලේ සහකාර පළාත් පාලනකොමසාරිස්වරයාට යොමුකොට තිබේ.