ගල් කොරියක සේවකයන් දෙදෙනකු මතට පෙරළී ආ ගලක් වැදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් අයකු මිය ගොස් අනෙක් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි
අනතුරින් මිය ගොස් ඇත්තේ පාදුක්ක බටවල වල්පිට පදිංචිව සිටි කේ ජේ එම් පද්මසිරි වසන්ත නමැති 53 හැවිරිදි පුද්ගලයෙකි
බරපතල තුවාල ලද අනෙක් පුද්ගලයා ප්රතිකාර ලබමින් සිටි හෝමාගම මූලික රෝහලෙන් වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි
මෙම ගල්කොරියේ වැඩ කටයුතු දින කීපයක් නවතා තිබී ඇති අතර සේවකයන් දෙදෙනා සමඟ කළමනාකරු පැමිණ ගල් කැඩීමට යොදා ගන්නා කම්පේෂර් යන්ත්ර පණ ගන්නා නැවත පරික්ෂා කිරීමේදී ගල් කොරියේ ඉහළ සිට පස් සමග රූරා වැටුණු විශාල ගලක කොටසක් මියගිය පුද්ගලයාගේ පපු ප්රදේශයේ ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයකම වැදි ඇති අතර අනෙක් පුද්ගලයාගේ පාදවලට වැදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර වන අවස්ථාවේදී තුවාල ලද පුද්ගලයන් දෙදෙනා අඩි දහයක පමණ උසින් සිට ඇති අතර කළමනාකරු මදක් ඈතින් සිට ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද පුද්ගලයන් දෙදෙනා කළමනාකරු විසින් හෝමාගම රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇත.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය හදිසි මරණ පරික්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතය.
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.