සිංහල ජනතා කුපිත කර ගැනීමට ඇතැම් පාර්ශ්වලට අවශව ඇති බවත් එ් සඳහා අවස්ථාව නොදෙන ලෙසත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
අද පෙරවරුවේදි මහනුවරදී ජනතාව අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“මේ උපවාසය පිළිබඳ අදහස වෙනතකට යවලා. පුංචි පුංචි ගැටුම් නිර්මාණය කරලා. ඇත්ත ප්රශ්නය යට යවලා ආපහු අර කපටි නරින්ගේ න්‍යාය අනුව යමින් ඒ දේශපාලඥයින්ට කැමරා ඉස්සරහට එන්න ඕන වෙලා තිබෙනවා.
ඒ නිසා රටවැසි සිංහලයෙනි. මේ සටන තියෙන්නේ සංඝරත්නය අතේ. අපි මේ සටන අතට ගත්තා. එක ලේ කළඳක් හලන්නේ නැතිව. එක ගල් කැටයක් ගහන්නේ නැතිව. එදා පානදුරාවාදයේදි වගේ අපි මේ උන්මන්තක අන්තවාදය පරාජය කරනවා.
ඒ නිසා සිංහලයෙන්ගේ ඉල්ලනවා. සිවුනේ අණට, අරහත් ධඡයේ අණට යටත් වෙයල්ලා. කෙහෝ හෝ ගල්කැටයක් ගහනවානම් ඒ ගල ඉස්සරවෙලා අපිට ගහපල්ලා.
මේ සටන විනයවත්ව, දූර්දර්ශීව කල්පනාකාරීව ගහන්න ඕන ගේමක්. සිංහලයෝ කුපිත කරලා අපිට කියලා ගස්සගන්න ගොඩක් බලවේගවලට ඕන කරලා තිබෙනවා. මහත්වරුනේ අපි ගහන්නේ නෑ.
මේක අපේ ක්‍රමය නෙමෙයි. එක ගල්කැටයක් නොගහා අපි මේ සටන දිනනවා. එක සටනයි. අපේ උපනූපන දරු පැටවු වෙනුවෙන් මේ සටන අපි දිනනවා. ඒක නායකයයි. ඒ තමයි බුදු හාමුදුරුවෝ. තක්කඩි එකම දේශපාලකයෙකුටවත් මේ නැගෙන සිහල බලමුළුව කොල්ල කන්න දෙන්නේ නෑ කියන එක අපි කියනවා.
අපි හිරේ දාන්න පුළුවන් ආපහු. ඒවා ප්‍රශ්න නෙමෙයි. මේ වහබ්වාදී මිලේච්ච අරමුණ පරාජය කරවා ගැනීම සඳහා සිංහලයෝ හොරගල් අහුලන්නේ නැතිව සිංහල නායකයෝ අපිට අදාළ නෑ නිල්ද රතුද කොළද කියලා වැදගත් නෑ. එක පෙරමුණ ඉදලා දේශපාලන නායක්තවය දෙන්නේ නැත්නම් මේ රටේ හැම පාසලක්ම හිර ගෙයක් කරන්න වෙයි.”
VIDEO