කන්දෙගෙදර සාර්නයා වත්තේ දී සිය පුතුගේ නිවසට ගිනිතබා අලාභහානි කර , ගලකින් පහරදී පොසොන් පොහොය දින රාත්‍රි සිය මව ඝාතනය කලැයි සැකපිට පුතෙකු ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දෙගෙදර පොලිසිය පවසයි .
සැකකාර පුතා විසින් හිසට ගලකින් පහරදී මෙන් මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ කන්දෙගෙදර සාර්නයා වත්තේ තංගමලේ කොටසේ 3 වන ලැයිමේ පදිංචිව සිටි සිංගාරවේල් මුත්තාල් (62) නැමති කාන්තාව යැයි පොලිසිය කීය .
අත්අඩංගුවට ගත් සැකකරු කන්දෙගෙදර කොල්ලුමංඩිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකු යැයි පොලිසිය කීය .
මොහුගේ බිරිද විදේශ රටක රැකියාවක් කරන බවත් , මොහුගේ දරුවන් තිදෙනා සැකකරු ගේ මව සමඟ කන්දෙගෙදර සාර්නයා වත්තේ තංගමලේ කොටසේ වතු නිවසේ පදිංචිව සිට ඇති අතර සැකකරු සිය කන්දේගෙදර කොල්ලුමංඩිය ප්‍රදේශයේ සිටින සිය සහෝදරියකුගේ නිවසේ වාසය කරමින් සිටි බවද පොලිසිය සදහන් කළේය .
මොහු නිතරම බීමතින් මවගේ නිවසට පැමිණ මව සහ දරුවන් තිදෙනා සමග ආරවුල් ඇති කර ගන්නා බවත් , එසේ බීමතින් පොසොන් පොහොය දින රාත්‍රි මොහු මවගේ නිවසට ගොස් එම නිවසේ නතර වීමට කාමරයක් ඉල්ලා , බිරිදගේ බැංකු පොත් ඉල්ලා මව සමඟ ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිසිය පවසයි .
පසුව එම ප්‍රශ්න ය නිරාකරණය කර ගැනීමට සැකකරු සිය මව කැටුව රාත්‍රි අදාළ වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරි මුණගැසීමට රාත්‍රි ඔහුගේ නිවසට ගොස් ඇති බවත් එසේ යන අතරමගදී සැකකරු මවගේ නිවස අසල ඇති පුතාගේ නිවසට ගිනිතබා ඇතැයි පොලිසිය පැවසීය .
පසුව සමෘද්ධි සංවර්ධන නිළධාරි මුණ ගැසී නැවත රාත්‍රි මව නිවසකරා යාමට මව සූදානම් වීමත් සමග ගලක් ගෙන මවගේ හිසට පහර කීපයක් එල්ල කර ඇති බවත් ,පහරකෑමෙන් බරපතළ තුවාල ලබා පඩි පෙල වැටි සිටි කාන්තාව කන්දෙගෙදර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවද පොලිසිය කීය .
සැකකරු විසින් ගිනිතැබීමේන් පුතා ගේ නිවසේ තිබූ ඇදක්, ඇදුම් පැලදුම් විදුලි උපකරණ රැසක් සමඟ දේපළ සියල්ල විනාශ වී ඇති බවත් එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැතැයි පොලිසිය පවසයි .
බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා ඊයේ (22)පස්වරුවේ සිද්ධිය වූ ස්ථානය නිරික්ෂණය කර කන්දෙගෙදර රෝහලට ගොස් මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළහ .
මෙම මළසිරුර බදුල්ල ශික්ෂණ රෝහලට යවා එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා පොලිසිය ට නියම කළහ .
මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර පුතා ජූලි මස 4වනදිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා නියෝග කළහ .
මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවත්වීමට නියමිතය .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි පී එම් ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දෙගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් බංඩාර මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මල්