යාපනය පේදුරුතුඩුව කර්කෝවලම් ප්රදේශයේ පිහිටි නිවසක තිබී අඹුසැමි යුවලක් ඝාතනය කොට තිබියදී මළසිරුරු ඊයේ (30) දින සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
මිය ගිය සැමියාගේ මිතුරෙකු ඔහුට දුරකතන ඇමතුමක් අද උදෑසන ලබදී එයට ප්රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ නිවසට ගිය මිතුරා නිවස පරික්ෂා කිරීමේදී අදාල අඹුසැමි යුවලගේ මළසිරුරු දැක ඒ් බව අසල්වාසීන්ට දැනුම් දී ඇත.
පසුව අසල්වාසීන් විසින් ඒ පිළිබඳව පේදුරුතුඩුව පොලීසියට දැනුම් දී ඇති අතර පොලිීසිය හා පේදුරුතුඩුව මහෙස්ත්රාත් තුමන් ඝාතනය වූ ස්ථානයට පැමිණ මරණ පරික්ෂණ කටයුතු සිදුකරන ලදි.
මිය ගිය සැමියා පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සෝදන අයෙකු බවටද අනාවරනය වී ඇති අතර අදාල ඝාතනයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ඝාතනය කලේ කව්රුන්දැයි යන්න පිළිබඳවද මෙතෙක් අනවරනය වී නොමැත.
මිය ගෙස් සිටි අඹුසැමි යුවල ආසන්නයේ පහර දීම සිදුකරන ලද බවට සැකකෙරෙන කොන්ක්රීට් ගල් කිහිපයක් තිබී හමු වී ඇති අතර අදාල ගල් වලින් පහරදීමෙන් මෙම ඝතනය සිදුකොට ඇතැයි පොලීසිය සැකපල කර සිටියි.
මෙලෙස ඝාතනය වී ඇත්තේ 54 හැවිරිදි මාණික්කම් සුබ්රමිණියම් සහ ඔහුගේ බිරිඳ වූ 53 හැවිරිදි මේරි සුබ්රමණියම් යන අය වන අතර සිද්දිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.