පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වී ඇති බවත් අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා කියයි.
අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (16) මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී පැවැති හිස තෙල් ගැල්වීමේ ජාතික මහෝත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
"ගම්මන්පිල මහතා මේ රටේ නඩු කතා කරනවා මීට පෙර ජනතාව දැක නැහැ. නමුත් පිල්ලයන් තම නීතිඥයා හැටියට තෝරාගෙන තිබෙන්නේ ගම්මන්පිලව. ගම්මන්පිල බාරගෙන තිබෙන්නෙත් පිල්යන්ගේ නඩුව. මේවා නිකම්ම නිකම් දේශපාලන ඝාතන නොවේ. මේවා මහා ජාලයක් ඇතුලේ ක්‍රියාත්මක වී තිබෙන දේවල්. එම නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් පවතිනවා.
මේ වන විට අල්ලස් කොමිසම සක්‍රීය වී පසුගිය කාලයේ යටගොස් තිබූ ෆයිල් උඩට ගනිමින් තිබෙනවා. වැරදිකරුවන්ට නඩු පවරමින් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරමින් නඩු පවරමින් අධිචෝදනා ගොනු කරමින් සිටිනවා. නීතිය පැත්තෙන් කළ යුතු සියලු දේවල් ඊට සම්බන්ධ ආයතන මගින් සිදුකරමින් පවතිනවා. රජය මඟින් සිදු කරනු ලබන්නේ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි.
මෑත කාලයේ පසුගිය වසර ගණනාවක් තුළ විනාශ කරපු ආයතනයක් හැටියට හැඳින්විය හැක්කේ සෞඛ්‍ය ක්ෂේත්රයයි. එය සම්පූර්ණයෙන් විනාශ කරලයිි තිබෙන්නේ. පසුගිය කාලයේ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් කටඋත්තර ලබාදෙන සේවකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටිනවා. මේ වන විට ඖෂධ පිළිබඳව යම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා නම් එය ඇතිව තිබෙන්නේ 2023-2024 කාලයේ නිසි ක්‍රමවේදයකට ඖෂධ ඇනවුම් නොකිරීමේ ප්රශ්නය මතයි.
මේ වන විට එය ක්‍රමානුකූලව සිදු කරගෙන යනවා. බිඳවැටුණ සෞඛ්‍ය ක්ෂේත්රය මේ වන විට යථාවත් කරමින් තිබෙනවා. ඖෂධ හිගයන් උපකරණ ගැටලු ක්ෂණික පිළියම් ලබාදීමට උත්සාහ කරමින් සිටිනවා. අප සිදු කරන්නේ සංදර්ශන නොවේ. ස්ථිර විසඳුම් ලබාදීමකුයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගරර සභා වල බලය ජාතික ජනබලවේගයට ලබාදෙයි කියා දැඩි විශ්වාසයක් තිබෙනවා. අප මේ මැතිවරණයට මුහුණ දෙන්නේ නිකම්ම නිකම් ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හදා ගැනීමේ අර්ථයෙන් නොවේ. රට තුළ දැවැන්ත සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා ග්‍රාමීය යාන්ත්‍රණය සකස් කර ගැනීමටයි අප ගමේ බලය ඉල්ලන්නේ."
පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කළ සැණින් මැතිවරණය තිබ්බා නම් එම මැතිවරණයත් තබා අවුරුදුත් කාලා හිස තෙල් ගෑමටත් තිබුණේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.