ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු,පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රතිඥා දෙති.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොළ, කාර්යාලයේ ඊයේ (4) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදි මෙම පිරිස මෙම ප්‍රතිඥාව ලබා දුන්හ.
ඉකුත් මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු තේරී පත්විය. ඉන් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.
රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ නාලක ගොඩහේවා මහතා මීට මාස කීපයකට ඉහත දී සමඟි ජනබලවේඟයට එක්විය.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර හා ඉන්දික අනුරුද්ධ පක්ෂයේ තීරණය අනුව කටයුතු කරන අතර මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ස්ථාවරය තවමත් පැහැදිලි නැත. එහෙත් ඇයගේ සමීපතමයන් පවසන්නේ ඇය ද ජනාධිපතිවරයාට සහය දැක්වීමට සූදානමින් සිටින බවයි.
අමාත්‍ය නලීන් ප්‍රනාන්දු හා මන්ත්‍රී නිමල් ලාංසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටය ද ඔවුහු ජනාධිපතිවරයාට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ජනාධිපතිවරයාට සහය පලකරනු ලබයි.
ඒ අනුව ඊයේ පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම සදහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිලාන් ජයතිලක,සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂනී ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 13 ක් හා පළාත් පාලන ආයතන නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 350ට ආසන්න පිරිසක් ද සහභාගී වූහ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන සංඛ්‍යාව 19කි. ඉන් ගම්පහ මහනගර සභාවේ හිටපු සභාපතිවරයාත්, ගම්පහ, බියගම, ජා ඇල, කැලණිය, මහර යන ප්‍රාදේශීය සභා හා මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයා පොහොට්ටුවේ මතයට පක්ෂව කටයුතු කරති. ඔවුන්ට ආසන සංවිධායකකම් දැනටමත් යෝජනා වී ඇතැයිද දැනගන්නට ඇත. එහෙත් එම ප්‍රාදේශීය සභා සහ නගර සභාවල හිටපු උප සභාපතිවරු හා බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබේ.
මේ අතර ඉකුත් දා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටියේ පැවති රැස්වීමට සහභාගී වී තිබෙන්නේ 123 කු පමණක් බවද වාර්තා වේ. එම රැස්වීමට පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා තිබුණද ඊට සහභාගී වී ඇත්තේ හිටපු පලාත් පාලන සභාපතිවරුන් 06කු ඇතුලු මන්ත්‍රීවරුන් 20 කටත් අඩු සංඛ්‍යාවක් පමණි. අනෙකුත් පිරිස මන්ත්‍රීවරුන් නොවන පිටස්තර පුද්ගලයන් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මේ අතර එම රැස්වීමට සහභාගී වූ කටුනායක - සීදුව නගර සභාවේ හිටපු සභාපති චමිල් නිශාන්ත මහතා ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඊයේ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට ප්‍රතිඥා දුන්හ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම සඳහා කැඳවා තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පමණි. ඒ අනුව මෙම රැස්වීමට පැමිණි ඔවුන්ගේ ආධාරකරුවන්ට රැස්වීම් භූමියෙන් ඉවත්ව වෙනත් ස්ථානයකට යන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කළද තමන් අදටත් ශ්‍රී ලංකා පොදුජන සාමාජිකයකු බවයි. පක්ෂය තමන්ට තනතුරු ලබා නොදුන්නද ජනතාව ලබාදෙන තනතුරු තමන්ට ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය