ගම්පහ දුම්රිය ස්ථානයේ නව වැසිකිළික් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් භාරදී ඇති අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්ෂ අසු එක් දහස් හයසිය පහලොවයි ශත හතරක (18081615.04) මුදලක් වැය කිරීමට නියමිතව ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සැලසුමට අනුව, කාන්තා හා පිරිමි වැසිකිළි දෙකකින් සමන්විත තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් වන මෙහි, වර්ග ප්‍රමාණය වර්ග අඩි 594 කි. ඒ අනුව එක් වර්ග අඩියක් සඳහා රුපියල් 30440/= මුදලක් වැය කිරීමට නියමිත බවත් ආරම්භයේදී ඇස්තමේන්තුගත වියදම මෙය වුවත්, වෙළඳපොලේ භාණ්ඩ මිළ උච්ඡාවචනය අනුව ව්‍යාපෘතිය අවසන් වන විට මෙම වියදම දෙගුණයක් හෝ තුන් ගුණයක් විය හැකි බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි අංශය විසින් වග දුම්රිය ස්ථානයේ, දුම්රිය රියදුරු සහ රියදුරු සහායක ශ්‍රේණි සඳහා ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලේ ඇස්තමේන්තුගත වියදම රුපියල් හැත්තෑහතර ලක්ෂ අනූ එක් දහස් පන්සිය හතලිස් නවයයි ශත දහඅට (7491549.18) ක් බව පෙන්වා දෙන එම සංගමය එහි වර්ග අඩි ප්‍රමානය 2212 ක් බවද සංගමය පවසයි.
එම ගොඩනැගිල්ලේද නානකාමර, වැසිකිළි ඇතුළු සියළු පහසුකම් ඇති බවත් වර්ගය අඩියක් සඳහා දෙපාර්තමේන්තුව වැයකර ඇත්තේ රුපියල් 3386.77 ක බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.
මෙම ඉදිකිරීම් දෙකම 2021 වර්ෂයේ සැලසුම් කර ඇති අතර, කොන්ත්‍රාත්කරුවෙකු යොදාගෙන ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිකරන වැසිකිළිය සඳහා මෙපමණ මුදලක් වැය කිරිම තුල මූල්‍ය වංචවක් සිදුවන බව බැලූ බැල්මටම පෙනෙන ඇති කරුණක් බවද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.