ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් අතර මානසික අවපීඩනය (Depression) මත සියදිවි නසා ගැනීමේ වැඩි වීමක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම විය යුතු බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ විය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටුවේදී, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු ඉදිරිපත් කිරීම සිදුකරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රා මල්වැන්න මහත්මිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අධ්‍යක්ෂවරිය කියා සිටියේ,
“දරුවන් අතර මානසික අවපීඩනය භයානක තත්ත්වයක්. මෙහි දරුණුකම සියදිවි නසා ගැනීමයි. පසුගිය 2024 දරුවන් 290දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. මෙය 2023 වර්ෂයට වඩා වැඩි වීමක්. දිවයිනෙහි ජනගහනය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි ජනගහන තත්ත්වය මත මෙම දිස්ත්‍රික්කයෙන් දරුවන් දිවිනසා ගැනීම වැඩි බවක් වාර්තා වෙනව. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
දිස්ත්‍රික්කය තුළ එච්.අයි.වී. ආසාදිතයන් වැඩි වීමක් පවතින අතර, සරම්ප රෝගයේ වැඩි වීමක්ද පවතිනවා. මරණ වැඩි බවක් සහ උපත් අඩු බවක් පවතිනවා. දරු ප්රසූතවලින් සියයට 51ක් සිසේරියන් සැත්කම් නිසා වියදම් වැඩි වෙනවා. ළමා පෝෂණ තත්ත්වය නරකයි. සියයට 15කගේ බර අඩුයි.”යනුවෙනි.
ගම්පහ තිලකරත්න දිසානායක