නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එලඹුණි.
ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය හා ගම්පහ නගරය ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද යන්න පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (05) දින කැඳවා තිබුණි. එය පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදීය.
ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සැලසුම්) ඉංජිනේරු කේ.එච්. කීර්තිරත්න මහතා විසින් තෙවැදෑරුම් වැඩපිළිවෙලක් මෙහිදී ඉදිරිපත් කළේය.
මෙම තෙවැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම පත්කර ගත් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවට පැවරීමට මෙහිදී තීරණය කෙරුණි. එම කමිටුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහා මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවලින් සමන්විත වේ. කෙටි කාලීන, මධ්‍යකාලීන දිගු කාලීන ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
මේ වනවිටත් මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්තිරත්න මහතා පවසයි. එම වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
කෙටිකාලීන වැඩපිළිවෙල යටතේ පසුගිය වසරේ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ස්ථාන 71ක් ශුද්ධ පවිත්‍ර කෙරිණ. එලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළේ ජාරු ඇළ, කළුකොටුව ඇළ, කුණ්ඩි ඇළ යන ඇළ මාර්ග තුනය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බව ශ්‍රී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසයි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 37කි.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ප්‍රධාන වශයෙන්ම හදුනාගත හැකි ප්‍රධාන ආපදා තත්ත්වය වන්නේ ජල ගැලීම් තත්වයයි. එයට ප්‍රධාන හේතුව වන්නේ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් අත්තනගලු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව පවතින පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමත්ය. පසුගිය වසර කිහිපය තුළ ගම්පහ නගරය යට නොවීය. නමුත් පසුගිය වසර කිහිපයට වඩා ඉකුත් දින කිහිපය තුළ දිවයින පුරා මිලිමීටර් 300 ඉක්මවා ඉහළ ද්‍රෝණියට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැස යන අත්තනගලු ඔයේ ප්‍රධාන ඇල වන අලි ඔය, උරුවල් ඔය, යාරු ඔය, කළු ඇල, කුණ්ඩිවිල ඇල එකවර පිටාර ගැලීමෙන් මෙම ගංවතුර තත්වය ඇති වූ බව පළාත් වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
පසුගිය දිනවල ඇද වැටුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරයට බලපෑ ගංවතුරෙන් පවුල් 19,860ක සාමාජිකයන් 80,411ක් පීඩාවට පත්ව තිබේ. පවුල් 527ක පුද්ගලයින් 21,478ක් ආරක්ෂිත ස්ථාන 5ක යොමු කොට ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. ඔහු කියා සිටියේ ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ ඒකකය හා ත්‍රිවිද හමුදාව පොලිසිය, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන කටයුතු කරමින් සිටින බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ගම්පහ නගරයේ රෝහල, පාසල් හා ඒ ආවට තිබෙන ප්‍රධාන පැති කාණු සහ අනෙකුත් ඇල මාර්ග හදුනාගෙන එයින් ජලය බැස යාමට හැකි ලෙස පුළුල් කර සංවර්ධනය කිරීමට සැලසුමක් සකස් කරන ලෙසයි.
ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවන්නේ මිලිමීටර් කොපමණ ප්‍රමාණයක වර්ෂා පතනයක් පතිතවුවහොත්ද යන්න හදුනාගනිමින් ඊට විසදුම් සෙවීමට ගම්පහ දිස්ත්‍රික්කයට වෙනම සැලසුමක් සකස් කළ යුතු බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙහිදී යෝජනා කළේය.
ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යට නොවීමට ඉඩ නොදී ගංවතුර පාලනය කිරීමට සියළුම රාජ්‍ය ආයතන සමඟ එක්ව විශාල වැඩ කොටසක් සිදු කළ බවත් මෙවර ගංවතුර තත්වයට හේතුව දිවයිනට බලපෑ අධික වර්ෂාව බවත් හෙතෙම පැවසීය.
ගම්පහ නගරයේ කාණු පද්ධතිය හා ඇල මාර්ග පද්ධතිය අවහිරවන ලෙස අනවසර ඉදිකිරීම් රැසක් සිදුකර ඇති බව ගම්පහ නාගරික කොමසාරිස්වරිය මෙහිදී සඳහන් කළාය. ඇය පවසා සිටියේ කාණු පද්ධතිය අවහිර වී ජලය ඉක්මනින් බැස නොයාම ගම්පහ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වූ බවයි.
කාණු පද්ධතිය පිළිසකර කිරීමට සහ ඒවායේ ඉදිකර ඇති අනවසර ඉවත් කිරීම් ඉවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නාගරික කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේය. අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ රාජ්‍ය ආයතවල උපරිම සහයෝගය ඒ සඳහා ලබා දෙන ලෙසයි.
මෙම අවස්ථාවට පළාත් පාලන ආයතනවල නිලධාරින් හා දේශපාලන අධිකාරිය මෙම අවස්ථාවට එක්ව සිටියහ.