ගම්පහ දුම්රිය ස්ථානය අසලදී අද (23) සවස 5 ට පමණ දුම්රියක් පීලි පැනීමකට ලක් විය.
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලි පැනීම සිදුවූ අතර ඉන් දුම්රිය මගීන්ට හානියක් සිදුව නොමැති මුත් දුම්රිය මාර්ගයට සහ දුම්රිය මැදිරිවලට හානි සිදුව තිබිණි.
දුම්රිය පීලි පැනීම සිදුවන අවස්ථාවේ මගීහු විශාල පිරිසක් දුම්රියෙහි සිට ඇති බව දුම්රිය ස්ථාන ප්රකාශකයෙකු පැවසීය.
මෙම අනතුරින් දුම්රිය මාර්ගයේ පීලි කැඩී තිබූ අතර මැදිරි තුනක් පමණ මාර්ගයෙන් ඉවතට පැන තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක