ගන්දර පොලිස් වසමේදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය 21 දා රාත්රියේ මෙම වෙඩි තැබිම සිදුකර තිබුණි. ගන්දර ය ොලිස් ස්ථානය මගින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අපරාධයට අධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඊයේ (22දා) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 23 හා 46 අතර පසුවන්නන් වෙයි. ඔවුන් ගන්දර හා දෙවිනුවර පදිංචිකරුවන් වෙයි.