කෝවිඩ්- 19 රෝගයෙන් මිය යන්නන් ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී අනුගමනය කළයුතු විධාන ඇතුලත් චක්‍ර ලේක ප්‍රකාරව හැකි විගස කොරෝනා රෝගයෙන් මිය ගිය ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා අදට පැවසීය.
කෝවිඩ්- 19 රෝගයෙන් මියගිය මෙරට ප්‍රථම රෝගියා වන මාරවිල ප්‍රදේශයේ 60හැවිරිදි පුද්ගලයා සංචාරක මගපෙන්වන්නෙක් බවත් ඔහු විසින් ජර්මනියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මඟපෙන්වීමේ කටයුතු සිදු කිරීමෙන් මෙම රෝගයට ගොදුරු වී ඇති බවත් ඒ මහතා පැවසුවේය .
මොහු එම කටයුතු වලින් පසු නිවසට පැමිණ පවුලේ අය සමග කටයුතු කරඇති බැවින් පවුලේ අය මේ වන විටද නිරෝධනයට යොමු කර ඇති බවද ඒ මහතා සදහන් කළේය.
මරණකටයුතු සම්බන්ධ චක්‍ර ලේකයන්ට අනුව කෝවිඩ්- 19 රෝගයෙන් මිය ගිය අයෙකුගේ මෘත දේහය ඝන පොලිතීන් බෑගයකට දමා සීල් කර ක්ලෝරින් හා වෙනත් රසායනික යොදා සාදාගත් විෂබීජ නාෂක යොදා විෂබීජ හරණයට ලක් කර මල් ශාලාවකට ලබා දෙනු ඇති.
එහිදී කිසිසේත්ම එම්බාම් කිරීමක් සිදු නොකෙරෙන අතර පවුලේ අය පැමිණ දේහය බාර ගනී නම් ඔවුන්ට දේහය ලබා දෙනු ඇති නමුත් සෘජුවම ආදාහනය සඳහා රැගෙන යනු ඇති. කිසි විටෙක මෙවන් මරණ වැළලීම සිදු නෙකරන බවත් අවමංගල්‍ය අවසන් ගෞරව දැක්වීම් පැවැත්වීමට හැකියාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී ලංකාවේ දී මිය ගිය පුද්ගලයාගේ පවුලේ කිසිවෙකුත් මේ වන විට රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති නමුත් ඇතැමුන්ට දින 14 සම්පූර්ණ කළ පසුද රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් ඔවුන් කෙරෙහි අවධානය යොමු කෙරෙන බවද හෙතෙම පැවසුවේය.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය ඉතා ඉක්මනින් ආදාහනය සඳහා කටයුතු යොදන බව ඒ මහතා සඳහන් කළේය.