ත්‍රිකුණාමලය කෝණේස්වරන් කෝවිලේ දේව පිළිමයකට පළඳවා තිබූ රන් තාලියක් හා පා සලඹක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය කියයි.
කෝවිලේ ආවතේව කරනු ලබන කාන්තාවක් වන ත්‍රිකුණාමලය, ඕර්ස් හිල් කන්නගිපුරම් පදිංචි අරුල් දාස් අරූෂා නැමැතිය මෙම දේවාභරණ අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල පොලිසියට පැමිණිලි කර ඇති අතර අතුරුදහන් දේවාභරණවල වටිනාකම සඳහන් කර නැතැයි පොලිසිය පෙන්වා දෙයි .
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මූලාස්ථාන පොලිසියේ අපරාධ අංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කෝවිල් පරිසරය සවිකර ඇති සී.සී.ටි.වී කැමරා පද්ධතිය අක්‍රිය වී ඇති බව නිරීක්ෂණය වී තිබේ .
චමෝද්‍යා අමරජීව