රුපියල් හතලිස් එක් කෝටි දහ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය හතලිස් නවයක මුදලක් අන්තර්ජාලය ඔස්සේ හදුනා ගත් ව්‍යාජ රැකියා නියෝජිතයන් ලෙස පෙනී සිටි පුද්ගලයන් විසින් තමන් රවටා ලබා ගත් බවට වූ පැමිණිළි 119 ක් ඉකුත් 2023 වසරේ සහ 2024 වසරේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමක දී 06/13 දින පැවසීය.
මෙම පැමිණිළිකරුවන් , කිසිදා තමන් සජීවීව දැක නොමැති , අන්තර්ජාලයේ ෆේස්බුක් ඔස්සේ හදුනා ගෙන තිබූ ව්‍යාජ රැකියා නියෝජිතයන් බවත් , ඔවුන් විසින් යුරෝපයට , ඕස්ට්‍රේලියාවට , ජපානයට , ඉතාලියට , නවසීලන්තය සහ ප්‍රංශය වැනි සංවර්ධන වූ රටවලට යවන බවට පොරොන්දු වී මෙම මුදල් වංචනික ලෙස රවටා ලබා ගෙන ඇති බව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මෙම ව්‍යාජ රැකියා නියෝජිතයන් මෙම පැමිණිළිකරුවනගෙන් ඇතැම් පිරිසක් රවටා මුදල් ලබා ගැනීමෙන් පසු ඔවුන් තාවකාලික වීසා බලපත්‍ර සකස් කර ඉන්දියාව , සිංගප්පූරුව සහ ඩුබායි වෙත රැගෙන ගොස් අතරමං කර දමා පළා ගොස් තිබුණි .
මෙවැනි පැමිණිළි ඉකුත් 2023 වසරේ 95 ක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ අතර , එහිදී මෙම ව්‍යාජ රැකියා නියෝජිතයන් වංචා කර තිබූ මුළු මුදල රුපියල් විසි හත් කෝටි අසූ අට ලක්ෂ අනූ අට දහස් තුන්සිය තිස් නවයකි.
එසේම මෙම 2024 වසරේ මේ දක්වා මෙවැනි පැමිණිළි 45 ක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී ඇති අතර එහිදී මෙම ව්‍යාජ රැකියා නියෝජිතයන් වංචනිකව ලබා ගෙන ඇති මුළු මුදල රුපියල් දහ තුන් කෝටි තිස් ලක්ෂ හැත්තෑ හතර දහස් නව සිය දහයකි.
මෙම පැමිණිළිකරුවන්ගෙන් ඇතමෙකු මීගමුව පොලිස් කොට්ඨාසය තුළ පදිංචිකරුවන් වන අතර ඔවුන් මෙම කොට්ඨාසයෙන් පිටත , ශ්‍රී ලංකාවේ තිස්සමහාරාමය , ගල්නෑව වැනි දුර බැහැර ප්‍රදේශ වල පදිංචි ව්‍යාජ රැකියා නියෝජිතයන්ට එරෙහිව සිය පැමිණිළි දමා තිබේ.
එසේම තවත් පැමිණිළිකරුවන් පිරිසක් ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශ වල සිට මීගමුව ප්‍රදේශ ව්‍යාජ රැකියා නියෝජිතයන් පිරිසකට එරෙහිව ද කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිළි කර තිබේ .
මෙම පැමිණිළි අතරින් ඉකුත් 2023 වසරේ දී සිදු කළ පැමිණිළි වලට අදාළව මෙවැනි වංචනික රැකියා නියෝජිතයන් ලෙස පෙනී සිටි පුද්ගලයන් 83 දෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මෙම 2024 වසරේ ඉදිරිපත් කර ඇති මෙම පැමිණිළි වලට අදාළව පුද්ගලයන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කර තිබේ .
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ආර්ථික දුෂ්කරතා යටතේ වැඩි වශයෙන් මේ ආකාරයට විදේශ රැකියා සදහා යොමු වීමේ ප්රවනතාවයක් දක්නට ලැබෙන අතර , මෙවැනි වංචනික පුද්ගලයන් සොයා ශ්‍රී ලංකාව පුරා , ඈත දුෂ්කර ප්‍රදේශ වලට ගොස් විමර්ශන කටයුතු සිදු කිරීම ද මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අපහසුතා වලට පත් කර ඇති බව ද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය .
මේ පිළිබඳව සිය අදහස් දැක්වූ මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා පැවසූවේ විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි පිළිගත් රැකියා නියෝජිත ආයතන ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් ද කළේය .