යුද්ධ හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් බුද්ධි තොරතුරක් මත හලාවත කොට්ඨාස අපරාධ විමර්ෂණඅංශයේ නිලධාරීන් විසින් අබකදවිල පාර, හලාවතයන ප්රදේශයේ පිහිටි තානායම අසල වෙරල තිරයේදි සිදුකල වැටලීමක් අතරතුර රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කිරීම සදහා සැලසුම් කර තිබූ ගජමුතු දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.
එම සැකකරුවන් කුරුණැගල පදිංචි වයස අවුරුදු 35 සහ 31ක වයසේ පසුවන පුද්ගලයින්බවටඅනාවරණය වී ඇත. මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු හලාවත පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.