පුත්තලම නගරයෙ දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොල තොගයක් සමග ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින රාත්‍රියේ සමත් වි තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොඨඨාශ රථවාහන අංශයෙ පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු පිරිසකි.
මෙම සිද්දියට තවත් පොලිස් නිළධාරීයකු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ අරඹා තිබේ.
අදාල බිඩි කොල ලොරිය හා රියදුරු පැහැර ගැනිම 18 දින අලුයම් කාලයෙ සිදුව ඇතිබව පොලිස් පරික්ෂන වලදි හෙළිව ඇත.
කොල්ල කරුවන් වෑන් රථයකින් පැමින පලමුව බිඩි කොළ රැගෙන ආ ලොරි රථයෙ රියදුරාව පැහැර ගෙන ගොස් පහර දී ඔහු සතුව තිබු මුදල් හා ජංගම දුරකථන කොල්ලකා ගෙන රියදුරුව නින්දෙනිය ප්‍රදේශයෙ දමා ගොස් තිබු බව කියයි.
පසුව මෙම කොල්ලකරුවන් වෑන් රථයෙන්ම පුත්තලමට ගොස් කොඨඨාශ රථවාහන අංශ නිළධාරීන් දෙදෙනා සමග නැවත බිඩි කොළ අසුරා තිබු ලොරි රථය අසලට පැමින පොලිස් ආරක්ෂාව යටතේ මෙම ලොරිය පැහැර ගැනිම සිදුකර ඇති බව මේ වන විට තහවුරු වී ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.
බිඩි කොළ අසුරා තිබු ලොරි රථයෙ බිඩි කොළ කිලෝ 2500 කට ආසන්න ප්‍රමානයක් උර 84 ක අසුරා තිබි ඇති බවත් පැහැර ගත් ලොරි රථය කැලැබද ප්‍රදේශයකට පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ආරක්ෂාව යටතේ රැගෙන ගොස් එහි තිබු රුපියල් කෝටි දෙකකට ආසන්න බිඩි කොළ තොගය වෙනත් ලොරි රථයට පටවා ගෙන විත් හිස් ලොරි රථය කොට්ටුකච්චිය ජලාශය ආසන්නයෙ ප්‍රධාන මාර්ගයෙ දමා ගොස් තිබියදි හමුව තිබු බව කියයි.
මෙම බිඩි කොළ තොගය රදවා තිබු ලොරි රථය පැහැර ගැනිමට සම්බන්ධ කොඨඨාශ රථවාහන නිළධාරීන් නිළ ඇදුමින් පැමින ඇති බව පැහැර ගැනිම සිදුවු ස්ථානයෙ ඇති සිසිටිවි කැමරා වල සටහන් වි ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් නිළධාරීන් පවසයි.
කෙසේ නමුත් කොල්ල කරුවන් රථවාහන පොලිස් නිළධාරීන් සමග පැහැර ගෙන කොල්ලකෑ රුපියල් කෝටි දෙකකට ආසන්න බීඩි කොල තොගය පිලිබදවද මේ වන විට පරික්ෂණ ආරම්භ වි ඇති බව පරික්ෂණ පවත්වන අපරාධ විමර්ශන අංශ නිළධාරීන් පවසයි.
ලැබෙන තොරතුරු අනුව මෙම බිඩි කොල තොගය ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ඒවා බවට වාර්තාවෙයි.
පොලිස් රථවාහන නිළධාරීන් හා කොල්ලකරුවන් විසින් පැහැර ගත් ලොරි රථය පොලිස් ඇගිලි සළකුණු නිළධාරින් විසින් ඇගිලි සලකුණු ලබා ගැනිම ලොරි රථය දමා ගොස් තිබු ස්ථානයෙදිම සිදුකිරිමට කටයුතු කෙරුණී.
අදාල කොල්ල කෑමට සම්බන්ධ රථවාහන පොලිස් සැරයන් වරයා හා කොස්තාපල් වරයා සමග මෙම කොල්ල කෑම මෙහෙය වු පුත්තලමේ පදිංචි තවත් සැකකරුවන් තිදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසියෙ අපරාධ විමර්ශ අංශ නිළධාරීන් විසින් 19 දින සවස වන විට අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.
අදාල සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් මත පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.පි.එන්.කුලතුංග මහතාගේ මෙහෙය විමේන් පුත්තලම මුලස්ථාන පොලිසියෙ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආර්.ඒ.එච්.එම්.හේරත් මහතා සමග පොලිස් සැරයන් වරුන් වන 30089 තිලකසිරි,62720 ලක්ෂමන් යන නිළධාරින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනි.