රුපියල් කෝටියකට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ජාවාරම් කිරීම සඳහා පිළියන්දල මිරිස්වත්ත සුපිරි වෙළඳ සංකීර්ණයක රථගාලකට පැමිණ සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි නීතිය දිසාව භාර හා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව විශේෂ කාර්ය බළකාය කඳවුරට අයත් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකි.
එම සැකකරුවන් දෙදෙනා සමග හොරයින් මත්කුඩු කිලෝ ගෑම් 1 ගෑම් 53 ක් අත් විලංගු යුවලක් ,විද්යුත්තරාධියක් , මෙන්ම සුඛෝභෝගි වෑන් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දියත් කරන ලද විශේෂ මෙහෙයුම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර ඇති විශේෂ ඒකකය මගින් සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණය වූ තොරතුරු අනුව පිළියන්දල මිරිස්වත්ත සුපිරි වෙළඳ සැලක රථ ගාලේ නවතා තිබූ සුඛෝභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී වෑන් රථයේ ඉදිරිපස වම්පස ගමන් කළ පුද්ගලයාගේ ගමන් බෑගයේ හොරයින් මත්කුඩු තොගය , අත්විලංගුව සහ විද්‍යුත් තරාදිය පොලිස් භාරයට ගෙන ඇත.
අනතුරුව වැඩිදුර විමර්ශනයේදී රියදුරු ලෙස කටයුතු පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයකු ලෙස හඳුනා ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව 35 ; හැවිරිදි පොලිස් පරීක්ෂකවරයා හොරයින් ජාවාරමට ආධාර අනුබලදීම සහ 32 හැවිරිදි කොස්තාපල්වරයා හොරයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.