කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 35 ක් සොයාගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ විශේෂ වාට්ටු කිහිපයක තිබී ජංගම දුරකතන 33 ක් සොයා ගැනුණු බවයි.
ඉන් දුරකතන 27 ක් G1 සහ G2 වාට්ටුවලින් සොයාගෙන තිබේ. කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට පෙර ද අවස්ථා ගණනාවකදී රැඳවියන් සතුව තිබූ ජංගම දුරකථන හා සිම්පත් රැසක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගැනිම සිදු කෙරිණි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_29ec20d957.jpg)