කොස් ගසක අතු කපමින් සිටියදී, කොස් අත්තක් අධි බලැති විදුලි රැහැනක ගැටීම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (21දා) ජීවිතක්ෂයට පත් වූ බව හුරිගස්වැව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 11 , සුදර්ශනගම මකුලෑව ලිපිනයේ පදිංචි අ/මකුලෑව ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන ජී.චලක්ශන ඉදුසර විජේරත්න නැමැති පාසල් සිසුවෙකි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දරුවන් පස්දෙනකු සිටින පවුලක වැඩිමහල් දරුවාය.
මෙම පාසල් සිසුවා මිත්තනිය හා තම සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කපමින් සිටියදී
කපන ලද කොස් අත්තක් ප්රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක (වොට් 33000) ගැටීම හේතුවෙන් විදුලිය සැර වැදී ගසෙන් බිමට ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් පසු මෙම දරුවා පෞද්ගලික වාහනයක තඹුත්තේගම මූලික රෝහලට නැගෙනහිර තිබූ අතර තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයකු පැවසීය.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර තිබුණු අතර මෙම අනතුර සම්බන්ධයෙන් හූරිගස්ස පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති

