කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය යාම අද 27 අලුයම සිට නැවත සක්‍රිය වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
කොස්ලන්ද මීරියබැද්ද අංක 14 සහ අංක 15 ලයිම් පේලි නිවාස දෙකට ඉහළ කන්ද කොටස මෙසේ නායාම නැවත සක්‍රීය වී තිබෙන බවද එම මධ්‍යස්ථානය පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ප්‍රදේශයේ කළ නිරීක්ෂණයකින් පසුව මෙම ස්ථානය මිනිසුන්ට පදිංචිව සිටීමට නුසුදුසු ස්ථානයක් ලෙස දැනටමත් නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම නායා යාමක් ලෙස මීරියබැද්ද නාය යාම මීට වසර 10 කට පෙර සිදුවිය.
මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග මෙම නාය යාම නැවත සක්‍රියවී තිබේ.
මේ වන විටත් මෙම ලයින්කාමරවල පදිංචි පිරිස් තාවකාලික කඳවුරක රඳවා තිබෙන බවද හල්දුම්මුල්ල ප්‍රාදේශ ලේකම් කාර්යාලය පැවසීය.
එන් කේ නිශ්ශංක
සමන් පාලිත නානායක්කාර