මොනරාගල නගරයේදී මුව ආවරණ බෙදාදීම
මොනරාගල නගරයට අද (27) වෙනිදා පැමිණි ජනතාවට මුව ආවරණ බෙදාදීමට ඌව පළාත් හිටපු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා පියවර ගෙන තිබේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක
කතරගම අභිනවාරාමය එළවළු බෙදා දේ
කතරගම පුදබිම අවට ජීවත්වන ජනතාවට නොමිලේ එළවළු බෙදාදීමට කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමිපාණන් වහන්සේ පියවර ගෙන ඇත.
මොණරාගල සුමනසිරි ගුණතිලක
දකුණේ වතු ජනතාවට රු 1000ක සහන මල්ලක්
දකුණු පළාතේ වතු ආශ්රිත ජනතාව වෙනුවෙන් රුපියල් දහසක සහන මල්ලක් සමුපාකාර සමිති හරහා ලබාදිමට සැලසුම් කොට ඇති බැව් දකුණු පළාත් ආහාර සැපයුම් බෙදාහැරිම් වෙළද සමුපාකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඒ.යු වෙලාරත්න මහතා පවසයි.
දැනටමත් කොටපොළ විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් දෙනියාය හා කොටපොළ ප්‍රදේශයේ වතු කම්කරුවන් වෙනුවෙන් මෙකි වැඩසටහන ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් ලක්ෂ 20ක ණය මුදලක් ඉල්ලා ඇති බවත් එම ණය මුදල සමුපාකාර සංවර්ධන අරමුදලෙන් ලබාදෙන බවද ලේකම්වරයා පවසයි.
ජිනේෂ් නානායක්කාර
දකුණේ පළාත් පාලන ආයතනවලට මිලියන 55ක්
කොරෝනා වසංගතය මැඩලිම සඳහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49 සඳහා රුපියල් මිලියන 55ක මුදලක් ලබාදිමට පියවරගෙන ඇති බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ නියෝගය පරිදි මෙම මුදල් ලබාදිමට පියවරගෙන ඇති බව පවසන දකුණු පළාත් පළාන කොමසාරිස්වරයා එක් පළාත් පාලන ආයතනයක් සදහා රුපියල් දශලක්ෂයක මුදලක් ලබාදිමට පියවරගෙන ඇති බවද පවසයි.
ජිනේෂ් නානායක්කාර
බදුල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම්
ඇදිරි නීතිය පවතින කාල සීමාව තුළ බදුල්ල මහ රෝහලේ රෝහල් කාර්ය්ය මණ්ඩල ප්‍රවාහනය කිරීමට
ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ වලට අයත් වාහන ලබාදුන් බව පළාත් ප්‍රධාන ලේකම් පි.බී විජයරත්න මහතා පැවසීය.
මහ රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සෙසු කාර්ය්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම සඳහා පළාත් සභාවට අයත් බස් රථ හා වැන් රථ දහයක් පමණ ලබා දී තිබේ.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි