කොවිඩ් 19 වසංගතය ප්‍රතිචාර දැක්වීමේ මූලාරම්භක සහාය සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 256.6ක මූල්‍යමය ණය හා ප්‍රධාන මෙන්ම ද්‍රව්‍යමය ආධාර ලැබී ඇති බව රජය නිවේදනය කරයි.
ඒ අනුව ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ලෙර් මිලියන 173.6ක් ලැබීමට නියමිත අතර එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 102.5ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් පමණ වටිනා මූල්‍යමය ප්‍රදානයන් හා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් පමණ වටිනා ද්රව්යවමය ප්‍රධාන 2020 ජුනි 02 දා දිනය වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ.