COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන් රථ දෙකක් ද, රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්රදානය කර තිබේ.
මීට අමරතව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලින්, Huawei Technologies Lanka Co (Pvt) Ltd ආයතනයෙන් සහ “ලක්දනව්” සමාගමෙන් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්ද ප්රදානය කර තිබේ.
Huawei Technologies Lanka Co (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරි Liang Yi මහතා විසින් රුපියල් මිලියන 02 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් (Facemask, Protective Suite, Google Glasses, sanitizer bottle) සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත අද දින බාර දෙන ලදි.
‘ලක්දනව් සමාගම’ ශ්‍රී ලංකාව තුළ රෝහල්වල කොරෝනා වෛරස තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 16ක වටිනාකමින් යුතු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ලක්දනව් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධම්මික නානායක්කාර මහතා විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත ප්රදානය කෙළේය.
මෙම උපකරණ අතර ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත අති නවීනතම ICU වෙන්ටිලේටර් යන්ත්‍ර 03 ක්, ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත Non-Invasive වෙන්ටිලේටර් (BiPAP) යන්ත්‍ර 02 ක් සහ නවසීලන්තයේ නිෂ්පාදිත High Flow Oxygen Therapy යන්ත්‍ර දෙකක් ද වේ.
නදීශානි පතිරණ/නවෝද්‍යා පවනි