ටොසිලිෂුමාබ් නම් ඖෂධය මේ වන විට රටේ දැඩි හිඟයක් පවතින බවත් එය අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන්ගේ අත්‍යාවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව පවසයි.
“අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන් සඳහා අත්‍යවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් වන ටොසිලිෂුමාබ් (Tocilizumab) ඖෂධය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි හිඟයක් පවතින හෙයින්, ශ්‍රී ලංකා රජය විසින් එම ඖෂධය අඛණ්ඩව සැපයීමේ හදිසි අවශ්‍යතාවය මම නැවත වරක් අවධාරණය කරමි. රජය විසින් දිගින් දිගටම සිදුකරන බොරුවෙන් සහ වංචාවෙන් ඉවත් වී ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටු කළ යුතුවන කාලය උදාවී ඇත.”