ෂිංහුවා - (වොෂිංටන්) COVID-19 වසංගතය හේතුවෙන් මේ වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 5.2 කින් හැකිලෙනු ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
මෙය දෙවැනි ලෝක සංග්රාමයෙන් පසුව ලෝකය මුහුණ දෙන ගැඹුරුම අවපාතයයි.
දේශීය ඉල්ලුම හා සැපයුම කඩා වැටීම, වෙළඳාම සහ මූල්‍ය කටයුතු දැඩි ලෙස කඩා වැටීම ආදි හේතු නිසා 2020 දී දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම් සියයට 7 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් ජනපද ආර්ථිකය මේ වසරේදී සියයට 6.1 කින් හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර යුරෝපයේ එම අගය සියයට 9.1 ක් වනු ඇති බවට ගණන් බලා තිබේ.
මේ අතර, නැගී එන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් මේ වසරේදී සියයට 2.5 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල ආර්ථික ක්‍රියාකාරකම් 2020 දී සියයට 7.2 කින් පහත වැටෙනු ඇත.
නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ වර්ධනය 2020 දී සියයට 0.5 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය මේ වසරේ වර්ධනය දැකිය හැකි එකම කලාපය බව වාර්තාව පවසයි.
චීන ආර්ථිකය මේ වසරේදී සියයට 1 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.