"කෝවිඩ් ආසාදිත ළමා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිසා කෑගල්ල මහ රෝහලේ ළමා වාට්ටුව මේ වනවිට පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉඩ පහසුකම් නොමැති නිසා අපට සිදු වුණා ළමා වාට්ටුවේ ඇඳන් දෙගුණයක් කරන්න" යැයි කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.
පළමු කෝවිඩ් එන්නත ලබා දී වසරක් පිරීම නිමිත්තෙන් රජය මගින් ඊයේ (29දා) පැවැත්වූ වෛරසය පාලනය කිරීම, රෝගීන් සුවපත් කිරීම හා එන්නත් කිරිම වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් ජාතික උත්සවයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ කාර්ය මණ්ඩලය ඇගයීමේ උත්සවයේදී ඇය මේ බව පවසා සිටියාය.
" ඉකුත් 28 වැනිදා රාත්‍රියේ මගේ රෝහලේ විශේඥ වෛද්‍යවරුන් දෙදෙනකු මට කතා කරල කිව්වා කෝවිඩ් ආසාදිත ළමා රෝගීන් රෝහල්ගත වීමේ ශීඝ්‍ර වැඩිවීමක් පවතිනවා කියලා.ඒ නිසා ඇඳන් සංඛ්‍යාව දෙගුණයක් කළ යුතු බවට යෝජනා කර සිටියා. 29 වැනිදා වනවිට ළමා වාට්ටුවේ ඉඩ නැහැ. ඒ අභියෝගයත් ජය ගත යුතුයි.ඒ වගේම අපේ දෙමාපියන් සෞඛ්යාරක්ෂිත ක්‍රම අතහරින්න එපා. ඒ උපදෙස් පිළිපදින්න ඔබගේ වගේම දරුවන්ගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවටත් සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි." යැයිද පවසා සිටියාය.