කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළඳ සංකීර්ණයට ගිනි අවියක් රැගෙන කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් දුරකථන අඩංගු බෑගයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
ඊයේ (26) සවස මෙම කොල්ලය සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි
පැමිනි පුද්ගලයා පිස්තෝල වර්ගයේ අවියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර යතුරු පැදියක නැගී පලා ගොස් තිබූ බව
පොලිසිය සඳහන් කරයි.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් එම ආයතනයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් සම්බන්ධයෙන්ද සැකයක් හටගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අදාළ කොල්ලය සීසී ටීවී කැමරාවකද සටහන් වේ. කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.