ත්රීකුණාමලය පොලිස් වසමේ සංඝමිත්තා වෙරළ තීරය අසල සිටින මුවන් නැරඹුම් ස්ථානයට අඹුසැමි යුවලක් පැමිණ ඇති අතර එම ස්ථානයට කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි කාර් රථය, මුදල් හා රන් ආභරණද කොල්ල කා ඊයේ (16දා) පලා ගිය බවට ත්රීකුණාමලය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව සිදුකල විමර්ශනයේදී ඊයේ සවස් කාලයේදී කින්නියා පාලම අසලදී ත්රීකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද පැමිණිල්ල මත වැටලීමක් සිදුකර මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 35 වයස්වල පසුවන ත්රීකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
කොල්ලකන ලද කාර් රථය, කොල්ලකරුවන් පැමිණි කාර් රථය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු හා දේපල අත්අඩංගුවට ගැනීමට ත්රීකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

