ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු හමුවී ඇති අතර ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 162ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
ඊයේ දිනයේ සිට අද පස්වරු 4.30 දක්වා රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙයින් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.
ඇමෙරිකාවේ හා දකුණු කොරියාවේ සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවල සිටි දෙදෙනෙක්ද කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබේ.
එසේම එක් අයෙක් පුත්තලම නිරෝධානය මධ්‍යස්ථානය තුළත් තවත් අයෙක් හලාවත ප්‍ර දේශයෙන්ද සොයාගෙන තිබේ.
මීට අමතරව විදේශිකයන් ළඟන් ඇසුරු කළ අයෙක්, කළුතර වසා දමා ඇති ප්‍ර දෙශයේ හඳුනාගත් ගැබිනි කාන්තාවක්, අකුරුණ රෝගියා ඇසුරු කළ දෙදෙනෙක්ද මෙසේ කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති 11 දෙනායි.