ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂවිපක්ෂ සියලූ දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙනයා නොහැකි නිසා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදුකරන්නේ දේශපාලනයක් නොව සමාජ යුතුකමක් ඉටුකිරීමක් බව අමාත්‍ය විමල් විරවංශ මහතා සඳහන් කරයි.
කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලනඥයන් තම පක්ෂ හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍ය නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
ඊයේ (06) හෝමාගම රෝහලේ කොවිඞ් ආසාදිත රෝගී ඒකකයට වායුසමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.
‘‘පළමුව කිව යුතුයි,‘අපට කොරෝනා රෝගීන් අල්ලාගෙන දේශපාලනය කරන්න උවමනාවක් නැහැ’කියා. මට නම් පෙනෙන්නේ මැතිවරණ කොමිසම යම් දේශපාලනයක් සිදු කරන බවයි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු බී. බී. සී.පුවත්සේවයට පවසා තිබුණා‘මේ රට ඒකාධිපතිත්වයක් කරායමින් තිබෙනවා’කියා. එහි සභාපතිවරයා නිහඬව සිට එක්වරම සිහිනෙන් අවදි වූවාසේ මෙවැනි නිවේදන නිකුත් කරනවා. ඔවුන් පසුගිය ආණ්ඩු කාලයේ හැසිරුණු විදියයි දැන් හැසිරෙන විදියයි අපට හොඳට තේරෙනවා. අපි කුඩා දරුවන් නොවෙයි. ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නඩයෙන් ඉල්ලනවා. ‘කරුණාකර මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක ඔබලා සිදු කරන දේශපාලනය නතර කරන්න’කියා.
මේ ව්‍යවසනයෙන් මිදීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් භේදනොතකා සමාජයට නායකත්වය ලබාදිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ බර අඳින්න බැහැ. මෙපමණ ව්‍යසනකාරී වෙලාවකදී අපට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිනම් මොකද්ද එතැන තිබෙන සාධාරණය. මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අපේ අයිතියක්. ඒ අයිතිය අනුව අපි කටයුතු කරනවා. එය නතර කිරීමට කිසිවෙකුට බැහැ’’ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.