කොවිඩ් 19 රෝගයෙන් මිය යන පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කොවිඩ් 19 රෝගයෙන් මිය ගිය හෝ මියගිය බවට සැකකරන යම් තැනැත්තෙකුගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලබන විධිවිධානවලට අනුව සිදුකළ යුතු වෙයි.
ඒ අනුව යම් විභ්‍යව ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීම් කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක කාලයක් සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක්
හා
නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධාරියාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කරනු ලැබිය යුතුය.
එසේම මෘත දේහය හසුරවනු ලබන තැනැත්නනගේ ඇඳුම හා නැවත භාවිත කළ නොහැකි පෞද්ගලික ආරක්ෂක උපාංග ආදාහන අවස්ථාවේදී මිනී පෙට්ටිය සමගින් පුළුස්සා දැමිය යුතු වෙයි.
මෘත දේහය ආදාහන කටයුතු භාරගෙන සිටින යම් තැනැත්නන් හැර කිසිම තැනැත්තකු වෙත භාරදෙනු නොලැබිය යුතු වෙයි.
මෘත දේහයේ භෂ්මාවශේෂ ඒ මිය ගිය තැනැත්තාගේ ළඟම ඥාතියාගේ ඉල්ලීම පරිදි ඒ ළඟම ඥාතියා වෙත භාරදෙනු ලැබිය යුතුවෙයි.