ජනතාවගේ ගැටලු සඳහා විධිමත් හා ප්‍රායෝගික විසඳුම් ලබා දීම රජයේ වගකීමක් බවත්, රජය විසින් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්නේ නම් කොරෝනා මර්දනයට උපරිම සහය ලබා දීමට 'සැදී පැහැදි' සිටින බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අළුත් අවුරුද්දත් ළඟ ළඟම එන අවස්ථාවේ අද අප මාතෘභූමියේ මහපොළවේ යථාර්ථය වන්නේ අපේ පොදු ජනතාව විඳින දුක කඳුල වේදනාව, අසහනය සහ පීඩනයයි. විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැතිව දඔුල්ල, කැප්පෙටිපොළ, තඔුත්තේගම ඇතුළු මේ සියලුම මධ්‍යස්ථාන වසා දැමීම නිසා ගොවි ජනතාව අන්ත අසරණ භාවයට පත්වෙලා තියෙනවා.
ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදනවලට ස්ථාවර මිලක් අද ලැබෙන්නේ නැහැ. ඒ වගේම පාරිභෝගික ජනතාවටත් අද කෘෂිකාර්මික නිෂ්පාදනවල හිඟයක් තුළ අධික මිලට ඒ අහාර පාන ලබා ගන්නට සිදුවෙලා තිබෙනවා. එක පැත්තකින් ගොවියා අනාථයි. තවත් පැත්තකින් පාරිභෝගික ජනතාව අසරණවෙලා.
නමුත් මේ තත්වය තුළ කලුකඩ වෙළඳුන් සීමිත කොට්ඨාශයක් කලුකඩ ජාවාරම හරහා කලුකඩ මාෆියාව හරහා එක පැත්තකින් ගොවි ජනතාව අසරණ කරන අතර රටේ පාරිභෝගික ජනතාවත් ඉතාමත්ම දුක්ඛිත තත්වයකට පත්කරලා තිබෙනවා. රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ආර්ථික මධ්‍යස්ථාන මසා දැමීම තුළ මේ සිදුවෙලා තිබෙන කලුකඩ වෙළඳාම කලුකඩ ජාවාරම වහ වහා ජනතාවගේ පැත්තෙන් ගොවි ජනතාවගේ පැත්තෙන් පාරිභෝගික ජනතාවගේ පැත්තෙන් ඉක්මන් විසඳුමක් ලබා දීම රජයේ වගකීම සහ යුතුකම වෙනවා. ඒ
වගේම අද වෙරළ ආශ්රිත ධීවර ජනතාව ජීවත්වන බලප්‍රදේශවල වරායන්වල අද මත්ස්‍ය සම්පත මත්ස්‍ය නිෂ්පාදන ගොඩගැහිලා තියෙනවා.
අද මත්ස්‍ය නිෂ්පාදනයට ස්ථාවර සාධාරණ මිලක් නැහැ. ධීවර ප්‍රජාව, ධීවර කාර්මිකයින්, ඒ වගේම ධීවර වෙළඳුන් අද අන්ත අසරණභාවයට පත්වෙලා තියෙනවා. මේ තුළත් ඉතාමත්ම සුළු කොට්ඨාසයන් විවිධ කලුකඩ ජාවාරම් කාරී ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම සහල් ක්ෂේත්රයේත් කතන්දරේ ඒ වගේමයි.
අද සහල් මාෆියාවක් බිහිවෙලා තියෙනවා. සහල් මාෆියාවේ ඉතාම සුළු කොටසක් සුරසැප විඳින අතර මේ රටේ වී වගා කරන ගොවි ජනතාවට ස්ථාවර මිල අහිමි වෙලා තිබෙනවා. පාරාභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ක්ෂේත්රයේ අද උත්සව අත්තිකාරම් මුදලත් අහිමිවෙලා. ඒ වගේම රාජ්‍ය වැටුප්වලින් කපන්නේ නැතෙයි කියපු නය පොළී වාරිකය දෙවෙනි වරටත් කප්පාදු කරලා රාජ්‍ය සේවය අන්ත අසරණ භාවයට පත්වෙලා.
ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ ඒ සේවක සේවිකාවන් ඇතුළු එම කර්මාන්ත ක්ෂේත්රයේ සේවය කරන භේදයකින් තොරව සේවය කරන සියලුම දෙනාට බොහෝ තැන්වල මාසේ වැටුප ලැබිලා නැහැ. ඒ වගේම තවත් ස්ථානවල වැටුප් කප්පාදු සිද්ධවෙලා තිබෙනවා.
වතු කම්කරු ජනතාවට ලබා දෙනවා කියපු රුපියල් 1000 දීමනාවත් අද පේනතෙක් මානෙක නැහැ. ඒ වගේම වතු ක්ෂේත්රයේ සේවය කරන කුලී සේවා කටයුතු වල නියැලී සිටින, වෙනත් වෘත්තීන් වල යෙදී සිටින ඒ ජනතාවත් අද බොහෝ සෙයින් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා.
මේ තත්ත්වය තුළ අපි යෝජනා කරනවා වර්තමාන රජයට කරුණාකරලා මේ මහපොළවේ යථාර්ථය අවබෝධකරගෙන, මේ සත්‍යය වටහාගෙන ඉතාමත්ම ඉක්මනින් මේ අසරණ භාවයට පත්වෙලා ඉන්න අපේම රටේ ජන ප්‍රජාවට විධිමත් ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නට ඕනේ කියලා. අපේ පැත්තෙන් මේ කොරෝනා උවදුරු මර්දනය කරන්නට ලබා දිය හැකි උපරිම සහයන් ලබා දෙන්නට අපි සැදී පැහැදී සිටිනවා.
ඒ වගේම අපේ වගකීම වෙනවා අඩුපාඩුකම් අක්රමිකතාවයන් පේනකොට ඒවා පෙන්නලා දීලා නිවැරදි මාර්ගයකට රාජ්‍ය ප්‍රතිපත්තිය යොමු කරන්න. මේ සඳහන් කරපු කරුණු කාරණාවලට ඉක්මන් විසඳුම් අවශ්‍යයි. විසඳුම් ලබා නොදීම තුළ අසරණ වන්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාවයි." යනුවෙන් පැවසීය.