රට තුල පැතිරයන කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දී සඳහා රජයේ සේවයේ නියුතු විධායක නිලධාරින් සිය දිනක වැටුප සෞඛ්‍ය හා කෝවිඞ් 19 සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කිරිමට රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කරයි.
එහි ලේකම් වයි.එල්.සී.පී. මදුරප්පෙරුම, සභාපති එච්.ඒ.එල්. උදයසිරි යන මහත්වරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ බව ලිඛිතව දන්වා ඇත. එහි පිටපත් අගමැතිවරයාට, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාට සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට ද යොමුකර ඇත.
රජයේ ආයුර්වේද සේවය, රාජ්‍ය ඉංජිනේරු සේවය, ශ්‍රීලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රීලංකා දේශීය ආදායම් සේවය, ශ්‍රීලංකා විද්‍යාත්මක සේවය, ශ්‍රීලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සේවය, රජයේ පශු වෛද්‍ය සේවය, ශ්‍රීලංකා මිනින්දෝරු සේවය, ශ්‍රීලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රීලංකා කාර්මික අධ්‍යාපන සේවය, රජයේ වාස්තු විද්‍යා සේවය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රීලංකා කෘෂිකර්ම සේවය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව යන ආයතනවලට අයත් විධායක මට්ටමේ නිලධාරින්ගෙන් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සමන්විතය.