ශ්‍රී ලංකාවේ සිටින කොරෝනා වැලඳුණු රෝගීන් සුවපත් වුවත් කොරෝනා පිළිබඳ කිසිදු පුද්ගලයෙකුට අවතක්සේරුවෙන් කටයුතු කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
චීනයේ වූහාන්වලින් මුලින්ම රෝගීන් වාර්තා වූ බවත්, ඉන් අනතුරුව චීනයේ වෙනත් ප්‍රදේශවලට කොරෝනා රෝගය පැතිර ගිය අතර, මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයකින් කොරෝනා වෛරසය පිළිබඳව වාර්තාවන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් කොරෝනා වෛරසය පිළිබඳව ජනතාවට නිවැරදි ලෙස තාක්ෂණික උපදෙස් ලබාදිය යුතු බවත්, ශරීරයට වෛරසය ඇතුළු වූ දින සිට දින 14ක් තුළ රෝග ලක්ෂණ මතුවන බවට සොයාගත්තද, එක් රෝගියෙකුගෙන් තවත් කොතරම් රෝගීන් ප්‍රමාණයකට මෙය පැතිරෙනවාද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් කොරෝනා රෝගය භයානක රෝගයක් නොවන බවට චිත්‍රයක් මැවීමට කිසිවෙකුටත් නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.
VIDEO