නාවික හමුදාව විසින් අද (02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ගැබිණි මවුවරුන් සිටින ඒකකයේ කැමරා පද්ධතියක් (CCTV System) සවි කිරීම ආරම්භ කරන ලදි.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්ත්වය තුළ එම වෛරසය ආසාදනය වී ඇතැයි සැක කරනු ලබන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහිද ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටී.
ඒ අනුව එම පහසුකම් ලබා දීම සඳහා රෝහලෙහි වෙනත් ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ගැබිණි මවුවරුන් සිටින ඒකකයේ වෛද්‍යවරුන් සහ එම මවුවරුන් අතර කථා කිරීමේ පහසුකම් සහිත කැමරා පද්ධතියක් (CCTV System) සවි කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අද (02) ආරම්භ කරන ලද අතර, මෙම ව්‍යාපෘතිය බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු සහ විදුලි කාර්මික නාවික පුද්ගලයින් පිරිසක් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
තවද, මෙම අලුත්වැඩියා අවසන් කර රෝහලේ අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදා සාමාජිකයින් ඉතා කඩිනමින් එම වැඩ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින අතර, වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා නාවික හමුදාව මේ වන විට තම උපරිම සහයෝගය ලබා දෙමින් සිටී.