කොවිඩ් 19 හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 5300ක් පමණ දෛනිකව ධාවනය කළත්, එම මණ්ඩලයේ දෛනික ආදායම් අහිමිවීම මේ වනවිට රුපියල් මිලියන 10ක් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ අගුනකොළපැලැස්ස සිය නිවසේ පැවැති රැස්වීමක් අමතමිනි.
“කොරෝනා වසංගත තත්ත්වය මේ වනවිට සෑම අංශයකටම බලපෑම් එල්ල කර තිබෙනවා. මේ නිසා විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් වුවත් ඉතිහාසයේ දැවැන්තම විදුලි බිල්පත් සහනය මහජනතාවට ලබා දුන්නා. ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 17කට තවමත් අපි විදුලිය දෙන්නේ ඒ්කකයක් රුපියල් 02 ශත 60ක් වැනි සුලු මුදලකට.
ඒ් වගේම තවත් පවුල් දහස් ගානකට ඒ්කක 90ක් දක්වා ලබා දෙන්නේ සහන මුදලකට. පසුගිය වසර 05 ඇතුළත කිසිදු විදුලිබල ව්‍යාපෘති එකක් හෝ ක්‍රියාත්මක නොවීම නිසා වසරින් වසර විදුලි අර්බුදයකට අපි මුහුණ දෙනවා. මේ වසරේත් අපි විදුලි අර්බුදයක් ඒ්වි යැයි අපේක්ෂා කළත් විදුලි අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වුනේ නැහැ. හේතුව තමයි කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක විදුලි ඉල්ලුම පහත වැටීම.
කොරෝනා වසංගතය නිසා විදුලි ඉල්ලුම සියයට 30කින් පහත වැටුණා. විදුලි බිල්පත් නිසි පරිදි ලබා දීමට නොහැකි වීම නිසා මේ වනවිට විදුලි බල මණලයට මහජනතාවගෙන් අයවීමට ඇති මුදල රුපියල් බිලියන 20ක් නැත්නම් කෝටි 2000 ඉක්මවනවා.කොරෝනා අද රටේ සමස්ත ආර්ථිකයම බලපෑම් කර තිබුනත් රජය මහජනතාවට බරක් දෙන්නට කටයුතු කර නෑහැ.
රජයට ලැබෙන ආදායම් මාර්ග සියල්ල ඇහිරී තිබුනත් මහජනතාවට සහන ලබා දෙන වැඩ පිළිවෙළ රජය අඛණ්ඩවම පවත්වාගෙන යනවා. විදුලිබිල්පතට දෑවන්ත සහනයක් අපි ලබා දි තිබෙනවා. එම සහනය මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් ලබා දුන් දැවැන්තම සහනයයි. මේනිසා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 30,000ක ආදායම් අහිමිවීමක් තිබෙනවා.
නමුත් ඒ් බර රජය දරාගනිමින් තමයි මහජනතාවට සහන දෙන්නේ. මම පසුගිය සතියේ කළ සොයා බැලීම් අනුව ලංකා ගමනාගමන මණ්ඩලයටත් දිනකට රුපියල් මිලියන 10ක ආදායම් අහිමිවීමක් තිබෙනවා. අපි ලංගම බස් රථ රටපුරා 5300ක් පමණ ධාවනය කරනවා. දැන් මෙම වසංගත තත්ත්වය නිසා මහජනතාව පොදු ප්රවාහණය භාවිතා කරනවා අඩුයි.
අනික් කාරණය තමයි අපි මගීන් ප්රවාහණය කරන්නේ ආසන ගණනට පමණයි. ඒ් නිසා ලංගම බස් රථ ධාවනය කළාට වෙන දවස්වල ලැබු ආදායම මෙන් සියයට 50කටත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. පුද්ගලික බස් රථවලටත් එහෙම තමයි. පුද්ගලික බස් රථ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට බැරි තත්ත්වයට පත් වී තිබෙනවා. සමහර විට ධාවනය වන්නේ මගීන් රහිත බස් රථ. ඔවුන්ටත් දැන් ආදායමක් නැහැ.
ඒ් නිසා රජය වශයෙන් පුද්ගලික බස් රථ සඳහාත් සහන ගණනාවක් ලබා දිමට තීරණය කළා. රක්ෂණ සහනය, කල් ඉකුත් වු ආදායම් බලපත්‍රවල කාල සීමාව මාස තුනකින් දිර්ග කිරීම , ලොග් සීට් සඳහා සහන ලබා දීම, රුපියල් ලක්ෂ 03ක සහන ණය මුදලක් ලබා දිම වැනි සහන රැසක්.
රජය මේ සියල්ල කරන්නේ රජයට ලැබෙන ආදායම් මාර්ග ඇහිරී ඇති අවස්ථාවකයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කිසි විටෙක මහජනතාවට සහන සැලසීමේ වැඩ පිළිවෙළට විරුද්ධ වන්නේ නෑහැ.”